වත්තල ප්රදේශයට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි
- 7 02 2021
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- ..
වත්තල ප්රදේශ කිහිපයකට හෙට (08) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව හෙට පස්වරු 10.00 සිට අඟහරුවාදා (09) පස්වරු 04.00 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
