වත්තල කොරෝනා ආසාදිතයන් ගණන 2000 ඉක්මවයි
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (11) වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 2069 ක් වාර්තා වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලින් ආරියරත්න මහතා පවසන්නේ මෙතෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් හදුනා ගෙන ඇත්තේ වත්තල ප්‍රාදේශිය සභා කොට්ඨාසයෙන් හා වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයෙන් බවය.
වත්තල හැදල ප්‍රිතිපුර පුර සහ උස්වැටකෙයියාව මුහුදු වෙරලට සතිඅන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල විශාල පිරිස් ඒකරාශි විම කොරෝනා වසංගතය පැතිර විමේ ප්‍රබල සාධකයයක් වි ඇතැයදි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කොවිඩි 19 වසංගතය දරුණු අන්දමින් පැතිර යන මේ වකවානුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් මායිම් නොකර එසේ ඒකරාශි වීම ධිවර ජනකොටසක් වු මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් දැඩි අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙන්වා දෙයි.
අධික ජන ඝනත්වයක් ඇති ඇලකන්ද, පල්ලියවත්ත, දික්ඔ්විට, අවරකොටුව,,පමුනුගම,නුගපේ,බෝපිටිය, සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශ වලින් පසුගිය මාස කිපය තුළ දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් වාර්තා වුන බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු.ඇසින්ටා මහත්මිය පවසා සිටියි.
තිස්ස කොටින්කඩුව -ජාඇල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                