වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතාව මත පරිපාලන සේවයේ වෘත්තීය සමිති විසින් වර්ජන දියත් කරනු ලබන බවයි.
වෘත්තීය සමිති නායකයන් සමග පැවැති සාකච්ඡාවකදී වැටුප් වර්ධකයක් ලබාදීමට තීරණය වූ බවත්, එසේම එම වැටුප් වර්ධකය ලබාගැනීමට පරිපාලන සේවයේ නිලධාරීන් එකඟත්වය පළ කර නොතිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම වැටුප් වර්ධකය ලබාගැනීමට ලේකම්වරු එකඟත්වය පළ කිරීමත් සමග වැටුප් විෂමතාවක් හටගත් බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව රාජ්‍ය සේවයේ ඇතැම් ශ්‍රේණිවලට 200෴ක 300ක පමණ වැටුප් වර්ධක ලබාදී තිබියදී වෘත්තීය සමිති වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් සිදු කරනු ලබන වැඩවර්ජන දේශපාලන වශයෙන් රජය අපහසුතාවට පත් කිරීමට සැලසුම් කළ ඒවා වන බවද ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ, මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිත කැබිනට් අනුකාරක සභාවේදී මෙම වර්ජන පිළිබඳ රජය විසින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 84 වැනි වාර්ෂික මහා සභා රුස්වීම කඩවත, බටුවත්ත රෝස් ගාර්ඩ්න් හෝටල් ශ්‍රවණාගාරයේදී පසුගියදා (28දා) පැවැති අතර එහිදී මේ පිළිබඳ පැහැදිලි කිරීමක නිරත වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
“වැටුප් කොමිසන් වාර්තාව දැන් ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ඒක අනුව ඔබලාගේ වැටුප රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි වෙනවා. මේ රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. කිසිම රජයක් ලබා නොදුන් විදිහට. ඊයේ මට ලබාදුන්නා විධායක නිලධාරීන්ගේ සංගමය මා හම්බ වුණ වෙලාවේ ඒගොල්ල ලබාදුන් ඒ වැටුප් වැඩි වීම බැලුවාම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වැටුප් වැඩි වෙනවා සියයට 107කින් වැඩි වී තිබෙනවා.
ඊට අමතරව සමහර කාණ්ඩවල වැටුප් සියයට 300කින් 200කින් වැඩි වී තිබෙනවා. ඉහළ ශ්‍රේණිවලට යනවිට. එතරම් විශාල වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමේ යම් විෂමතා අල්ලගෙන දේශපාලන උවමනාවට බොහෝ වෘත්තීය සමිති එළියට බහින තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. මේ වෙලාවේ රජය අපහසුතාවට පත් කිරීමට ක්‍රියා කරලා තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මේ වර්ජන පිටුපස තනිකරම තිබෙන්නේ දේශපාලනය කියලා* යනුවෙන් පවසා සිටියේය.
