වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා
බෝම්බ ,ප්‍රහාර ,වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ අන්තවාදය එපා,ප්රජාතන්ත්රවාදය සුරකිමු මහා සමුළුව ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රටම අන්තවාදය යන බව ප්‍රකාශ කරමින් කුරිරු අන්තවාදය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන මාධ්‍ය වලින් පිරිණු රටක අන්තවාදය එරෙහිවන්නන්ගේ මෙම ශාලාව පිරියාම සතුටට කරුණකි. සමඟිය, සාධාරණත්වය වෙනුවෙන් කැපවුණු ඔබලාට මම පළමුව අචාරය පුද කරනවා.මේ රටේ ජනතාව සිංහල ,ජාතිකයින්,ද්‍රවිඩ ජාතිකයින්, සහ මුස්ලිම් ජාතිකයින් ජාතිවාදීන් නොවේ.මේ දේශපාලන කාලකණ්නි තමයි ජාතිවාදය වපුරන්නේ.ඇතැම් දේශපාලන මුදලාලිලා ජාතිවාදය වපුරනවා. 1948 වසරේ ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා විට දෙවනි වුයේ ජපානයට පමණයි.අපි නිදහස ලබා ගත්තේ සුදු ජාතිකයින්ට බැරිවුණ වැඩ ටික ඉදිරියට කරගෙන යාමට .නමුත් සුදු ජාතිකයින් කරපු වැඩ ටික වත් කරගෙන යන්න බැරි වුණ ඉතිහාසයක් අපිට තියෙනවා. අපි සිටින්නේ මාලදිවයිනට ,බංගලාදේශයට පිටුපසින් .ඒකපුද්ගල ආදායම අඩුයි. නමුත් 50 දශකයේ සිට ආගම ,ජාතිය ආරක්ෂා කරනවා. නමුත් වෙන රටවල් සරට සංවර්ධනය කළා .

popular news
-
කෝලිත Friday, 28 June 2019 07:31 PM
එදා මීගමුවෙ හිටියනම් සටන එදාම ඉවරවෙන්න තිබුන...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

