වැඩිම රෝගින් සිටින්නේ ගම්පහ,කොළඹ,කලුතර දිස්ත්‍රික්කවලයි
මේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා වු රෝගින් 101 දෙනාගෙන් වැඩිම රෝගින් සිටින්නේ මෙම දිස්ත්‍රික්ක තුළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම කොරෝනා වෛරසය පැතිරිමේ අවදානමෙන් මිදිම සඳහා මෙම විශේෂ සැලකිල්ලක් මෙම දිස්ත්‍රික්ක වලට යොමු කළ බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ගම්පහින් 10 දෙනෙකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකුත්, කලුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකුත් වශයෙන් වාර්තා වි ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නිසා රජය විසින් ගෙන යන විධිමත් වැඩපිළිවෙලට ජනතාවගේත් පූර්ණ සහයෝගය ලබා දිමට වග බලා ගත යුතු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අද (24) පැවති කොරෝනා මර්දන මාධ්‍ය ක්‍රියාන්විතයට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

