විජයකලාට ඇප
ජාතීන් අතර අසමගිය ඇතිකිරිමේ ප්‍රකාශයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08දා) කටයුතු කළේය.
සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අද ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. පසුගිය දිනක ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට මතභේදාත්මක ප්‍රකාශයක් කළාය.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු







popular news
-
Champa Monday, 08 October 2018 03:28 PM
මොකොද කොටිදෙනව "රෝහල් ගත" කලේ නැත්තේ? ආණ්ඩුවේ නම් එදාම ඇප. අර තෙබුවන පොලිස් සාජන්ව හිරේ දැම්ම. කොටිදෙනට ඇප? ජාතින් අතර අසමගියක් ඇති කිරීම? කොටිදෙනව උසාවි ගනැල්ල තියෙන්නේ ආණ්ඩුව බොරු චෝදනාවක් හදල. මේක නෙමේනේ කලේ. කිව්වේ ත්‍රස්තවාදය නැවත ඇති කරන්න ඕනේ කියල. එක පාරක් නෙමෙයි දෙපාරක්ම කිව්වා ප්‍රසිද්ධියේ. නඩුව දාන ඕනේ ඒකට. ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ. සංවිධානාත්මක අපරාධ අංශය? ඒ මොකොක්ද? කොටි දෙන කලේ ප්රභාකරන් නැවත ගෙනා යුතුයි හෙවත් ලංකාව ඇතුළු ලෝකේ තවත් රටවල් තහනම් කරලා තියෙන LTTE සංවිධානය නැවත පණ ගැන්විය යුතුයි කියලා දෙපාරක්ම කියපු එක. ත්‍රස්තවාදය සංවිධානාත්මක අපරාධ ගනයට වැටෙන්නේ නැහැ. ඒක් ඊට වඩා ඉතා බරපතල කාරණාවක්. ආණ්ඩුවේ ඇමතිවරියක් වෙලා ඉඳලා කියපුවහම ඊටත් වඩා බරපතලයි. හමුදාවේ ඔත්තු සේවා නිලධාරීන් කීදෙනෙක් ත්‍රස්තවාදී නීතිය යටතේ අත්අඩංගුවට අරන් හිරේ දාගෙන ඉන්නවද ඇප නොදී? ඇයි කොටිදෙනට විශේෂයක් කරලා තියෙන්නේ? ත්‍රස්තවාදී නීතිය යටතේ නඩු දැම්මොත් ඇප නෑ. ඒකයි කතාව. කොටිදෙන තරම් බරපතල දෙයක් කරලා නැති ජොන්ස්ටන්ට ඇප නැහැ. හමුදා නිලධාරීන්ට ඇප නෑ. කොටි හිරේ හිටපු තෙබුවන පොලිස්සාජන්ට ඇප නෑ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

