ලුණුවත්ත සතිපොළ ජනතා අයිතියට
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ලුණුවත්ත සතිපොළ ජනතා අයිතියට පැවරීම නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් (17) සිදු කෙරුණි.
රටේ පවතින නීරෝධායන නීති රීතිවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සතිපොළ ජනතා අයිතියට පත් කෙරිණි. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඉදිකෙරුණු මෙම සතිපොළ ලුණුවත්ත හා තදාසන්න ප්‍රදේශයන් හි ගොවිජනතාවගේ කලක පටන් පැවති අඩු පාඩුවක් සපුරාලීමකි. එසේම නුවරඑළිය සීමාවේ පිහිටි ලුණුවත්ත නගරය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ එළවළු තොග රැස්කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද කටයුතු කරයි.
වෙළෙඳ කුටි 72 කින් සමන්විත ලුණුවත්ත පොළ භූමිය, වාහන නැවතීමේ පහසුකම්, මාළු වෙළෙඳ කුටි එළවළු පිරිසිදු කිරීමේ ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වලින් සමන්විතය. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා රු.මි. 78 ක ප්‍රතිපාදන මත මෙම සතිපොළ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. තවද ලුණුවත්ත නගර සංවර්ධන සැලැස්ම යටතේ බස් නැවතුම්පළ ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

popular news
-
පප්ප Sunday, 18 July 2021 11:21 AM
මොනවද මහත්තයො ඔය බොරු , ජනතාවගෙ සල්ලිවලින් හදන ඒව ජනතාවට අයිති නැත්තම් කාටද අයති෴
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

