ගෑස් කාන්දුවිම්, ගෑස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව හැටන් ප්රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසිය.
ගෑස් අලෙවි සමාගම් විසින් මිට ප්රථම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබානොදුන් බවත්, ගෑස් අලෙවිය අඩුවිමත් සමග එම සමාගම විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට මේ වන විට කටයුතු කර ඇතත්, ගෑස් අලෙවිය අඩුවිම හමුවේ තම අලෙවි නියෝජිත වෙළඳසැලට සීමිත ගෑස් සිලින්ඩර් ප්රමාණයක් පමණක් ලබාගත් බව හැටන් ප්රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේය.
අද (02) දින හැටන් නගරයට ලිට්රෝ ගැස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ගැස් සිලින්ඩර් බෙදා හැරීමට කටයුතු කළේය.
