බගවන්තලාව ප්රදේශයේ කාන්තාවක් අද (09දා) උදෑසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබූ බව එම කාන්තාව පැවසිය.
ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගෑස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බව එම කාන්තාව කියා සිටියේය.
බගවන්තලාව ප්රදේශයේ ලිට්රෝ ගෑස් අලෙවි නියොජිතයන් වෙත (09) දින එම සමාගම විසින් ගැස් සිලින්ඩර් තොග බෙදා හැරි අතර ඔවුන් සතු පැරණි ගෑස් තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බව බගවන්තලාව ප්රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේය.



