ලාෆස් සමාගම ගෑස් ආනයනය නවතා දැමුවත් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.
ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ ලාෆ් සමාගම සපයන බවත් ඔවුන් ගෑස් ආනයනය නවතා දැමුත් එම කොටසද ආවරණය කිරීමට ලිට්රෝ සමාගමට හැකි බව ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව ලිට්රෝ සමාගම ඕනෑම වාර්ණයක් ඇති ඕනෑම ගෑස් සිලින්ඩරයකට ගෑස් සැපයීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය ගෑස් දැනටමත් සමාගම සතුව ඇති බවත් ඔහු පවසයි.
ඉදිරියේදී අවශ්‍යවන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති වෙළඳපොල හැකියාව හා සැපයුම් ජාලය තමන් සතුව ඇති බවත් වෙළඳපොළ තුළ කිසියම් ආකාරයක හෝ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් මහජනතාව බියක් ඇතිකර ගත නොයුත් බවත් ඔහු පවසයි.