විදේශීය රටවල් 02 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 02 ක් පැමිණ තිබුණි .
මුලින්ම අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන අලුයම 4.10 ට නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-455 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය කෙරුණි .