ලොව පුරා කොවිඩ් මරණ 490,000 අභියසට ඇවිත්
ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 490,000 සීමාවට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (26දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 489,405ක් ලෙස වාර්තා කර ඇත.
එමෙන්ම ගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 96 සීමාව ඉක්මවමින්, මේ වනවිට 9,614,845ක් ලෙස සටහන්ව තිබේ.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සම්පූර්ණ සුවය ලැබූවන්ද ලක්ෂ 48ක සීමාව ඉක්මවා ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (26දා) අලුයම වනවිට එම අගය 4,812,121ක් ලෙස දක්වා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මේ වනවිට ඇමෙරිකානු කලාපය මෙන්ම, දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ වෛරසය පැතිරීම වේගවත් වී ඇත.
එසේම ජර්මනිය හා ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව ඇති වූ නව පොකුරු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව ඇත්තේ, වෛරසයේ දෙවැනි රැල්ලක් පිළිබඳ භීතිය වපුරමිනි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

