ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්
නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී මේ බව තීරණය වී තිබේ.
පෙර තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
නොවැම්බර් 03 අගහරුවාදා, පෙ.ව 11.30 ට “1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීම සඳහා වන යෝජනාව අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුරුව, පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුව කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්රකාරව සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස විපක්ෂයට දැනුම් දී තිබූ අතර ප්රතිශෝධිත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොවූ හෙයින් එය මීට පෙර තීරණය කර තිබූ පරිදි මෙදින විවාදයට නොගැනීමට තීරණය විය.
නොවැම්බර් 04 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
නොවැම්බර් 05 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා, භාර (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. (ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121 වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත කිසිදු පෙත්සමක් ඉදිරිපත් නොවුනහොත්)
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
නොවැම්බර් 06 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ නම හා පෞද්ගලික මන්ත්රී යෝජනාවේ නම
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

