ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනීම ගැන අගමැති පුදුම වෙලා
ඇමෙරිකාව හා අත්සන් කිරීමට නියමිත සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වික්ෂිප්තභාවයට හේතු වී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වන හාන්ස් විජේසූරිය මහතාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුමක් නොමැති බවත් එවැනි යෝජනාවක් අදාළ රේඛීය අමාත්‍යාංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට දන්වා නොමැති බවත් අග්‍රාමාත්‍ය ලේකම් යොමුකළ ලිපියේ දැක්වෙයි.
එසේම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම ගිවිසුම අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝජනය කිරීමටත් උනන්දුවක් දක්වන පාර්ශ්ව වලින් නියෝජනයන් ලබාගැනීමටත් නියමිතව ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

