ලෝක කුසලානයේ පිළිමළුන් පිටු දැකීමේ වටයට යෑම ඉලක්කයයි
මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.
ඉන්දීය කණ්ඩායම හා පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය ආරම්භයට මත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග මේ බව පැවැසීය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන වටයට පිවිසීම සඳහා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට මේ වසරේදී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමටද සිදුව තිබේ.
“මේ වන විටත් මම එක්දින හා ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ අවස්ථාවේදී මොනවද අවශ්‍ය, ඔවුන් මට දැන් ඇති කිව්වොත් මම විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට සතුටුයි.
මගේ එකම ඉලක්කය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පිළිමළුන් පිටු දැකීමේ වටයට ක්‍රිඩා කිරීමයි. ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් සුදුසුකම් ලබාගත්තෝත් ඉන් පසු ඕනෑම අවස්ථාවක ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ගැන මම එතරම් හිතන්නේ නෑ.”
ටයිම්ස් ඔෆ් ඉන්දියා

popular news
-
samson de silva Monday, 06 January 2020 12:38 PM
කොයි දෙයටත් ඉස්සරවෙලා හදිසියෙන් මුල් වටයේදී ඇෆ්ග්ගනිස්තන් සමග තරඟයක් ආවොත් ඒක දිනාගන්න බැලුවොත් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

