වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා මත්කුඩු සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 20 ක ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත
පිළියන්දල විශ්ව කලාව හංදිය ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 760 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී බෝකුන්දර ප්‍රදේශයේ කාන්තාවකගෙන් මත් කුඩු මිලදී ගත් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම කාන්තාව ද මත් කුඩු මිලිග්‍රෑම් 1600 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ පනස්දාහකට ආසන්න මුදලක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
අනතුරුව එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙක් මත් කුඩු ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඉතා සූක්ෂම ලෙස එම කාන්තාව ලවා දුරකථන ඇමතුමක් දී මත්කුඩු ඇනවුම් කර බණ්ඩාරගම නගරයට ගෙන්වා එම පුද්ගලයා හා ත්‍රිරෝද රථ රියදුරකු මත්කුඩු ග්‍රෑම් 16 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් කාන්තාව ගේ ස්වාමිපුරුෂයා හා සහෝදරයා දෙදෙනා ද මත්කුඩු ජාවාරම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින බව පොලීසිය කියයි
මෙම කාන්තාවට ද මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවතින බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර, බෝකුන්දර, පිළියන්දල පදිංචිකරුවන් වන බවත් ඔවුන් අද දින 12 කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
