රුපියල් ලක්ෂ 5 පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග පුද්ගලයෙකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
එම සැකකරු සමග මත්කුඩු පැකට් 600 පොලිස් භාරයට ගෙන ඇත.
බඩෝවිට ප්‍රදේශයේ පුද්ගලයෙක් මත්කුඩු අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මත්කුඩු පැකට් තොගය හමුවූ බව පොලීසිය සඳහන් කරයි .
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථා දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමග ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි.
වයස අවුරුදු 24 වන සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
බිමල් ශ්‍යාමන්
