ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලඥයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
කදිරගාමර් මහතා ඝාතනය කිරීමට අදාළව වැදගත් තොරතුරු සැපයීම සම්බන්ධයෙන් මෙසේ දඬුවම් නියම වී ඇත්තේ ජී නවනීදන් නැමැත්තෙකුටය. ජර්මානු නීතිය අනුව ඔහුට වසර හයක හා මාස 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් අදාළ දඬුවම නියම කර තිබේ. 2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇති මෙම වරදකරු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී තිබේ.
2005 වර්ෂයේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේ දී එල්.ටි.ටි.ඊ. ස්නයිපර් වෙඩික්කරුවෙක් විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබුවේය.