ලංකා විදුලි බල මණ්ඩලය 2020 අයවැය මුලික පුරෝකථන අනුව රුපියල් 90,000ක අලාභයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු ගත කර තිබේ.
පසුගිය යහපාලන කාලය තුළ අලුතින් විදුලි ව්‍යාපෘති ආරම්භ නොකිරීම හේතුවෙන් හදිසි මිල දී ගැනීම් යටතේ විදුලිය මිල දී ගැනීම් ඉහළ ගොස් ඇති බවත් එමෙන්ම අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම, විදුලි සහනාධාරය යටතේ පවුල් විශාල ප්‍රමාණයකට අඩු මිලට විදුලිය සැපයීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව, ස්වාධීන විදුලි සැපයුම්කරුවන් සහ සාම්ප්‍රධායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීම හේතුවෙන් එහි තිරසාරබව, මුල්‍ය තත්ත්වය ඉහළ නැංවීම හා අලාභ තත්ත්වය අවම කර ගැනීම ඉළක්ක කර ගනිමින් ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තිරණ කිහිපයක් ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ් අනුව ලංකා ඛනිතෙල් නිතිගත සංස්ථාවට ගෙවිය යුතු බැරකම් පියවීම සඳහා 2020 මාර්තු මස රුපියල් මිලියන 48,000ක් ස්කන්ධ ප්රාග්ධනය වශයෙන් ආයෝජනය කිරීම මගින් ලංවිම බැංකු අයිරා සඳහා ගෙවිය යුතු මුල්‍ය පිරිවැය අඩු කිරීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම විදුලි උත්පාදනයේ දි ඉන්ධන පිරිවැය අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් රු. 92ට ලබා දුන් දැවිතෙල් ලීටරයක මිල රු. 70ක් දක්වා අඩු කිරීම හා පොදුවේ බැංකු පොලී අනුපාතිකයන් සියයට 01කින් අඩු කිරීම හේතුවෙන් ලංවිම මුල්‍ය පිරිවැය තවදුරටත් අඩු කිරීම ද සිදුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.