රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
ලංකාවේ ප්‍රථම වතාවට නවීන තාක්ෂනය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්ෂනය භාවිතා කරමින් ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුකොලපැලැස්ස එරමිණියාය පුහුහුණු මධ්‍යස්ථාන භුමියේ කෘෂි කාර්මික භිජ රෝපණය කිරීමේ වැඩ සටහනක් 15 වනදා පෙරවරුවේදී පැවැත්විණි.
කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ සමස්ත ලෝක වාසින් මුහුණ ප සිටින ආහාර අර්බුදයට විසදුමක ලෙස ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් වගා කටයුතු සදහා නැබුරු කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සබාව මගින් එරමිණියාය ගොවිපොළ ද නවීන තාක්ෂනය යොදා ගනිමින් ආදර්ශ ගොවිපොළක් ලෙසින් සන්වර්ධනය කිරීම ආරම්භ කර තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල් /සභාපති තෙෂාර ජයසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී සත්ව ආහාරයට අවශ්‍ය කෘෂි කාර්මික බිජ මෙලෙස වග කෙරේ .තරුණ සේවා සබාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කෘෂි කාර්මික කටයුතුවල නිරතවන තරුණ තරුණියන් වෙත මෙම තාක්ෂණික දැනුම ලබා දී නවීන තාක්ෂනය ඔස්සේ ශ්‍රී ලංකාව පුරාම වගා කටයුතු ව්‍යාප්ත කිරීම තම අරමුණ බව ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල් /සභාපති තෙෂාර ජයසිංහ මහතා මෙහිදී කියා සිටියේය .
