ශ්‍රී ලංකාවේ පළමු මහ දිසාපතිනියන් දෙදෙනාගෙන් කෙනෙක් වූ කුසුමා විලේගොඩ මහත්මිය ඊයේ (26දා) රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.
ඇය 1993දී රත්නපුර ප්‍රථම මහ දිසාපතිනිය ද වූවාය. විලේගොඩ මහත්මිය 1942දී රත්නපුරේ දී උපත ලැබුවාය. මියයන විට ඇය හැත්තෑ නවවෙනි වියේ පසු වූවාය. දෙදරු මවක වූ කුසුමා විලේගොඩ මහත්මිය 1953-1960 වකවානුවේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වුවාය.
ඇගේ එක් පුතෙක් රත්නපුර මහ රොහලේ වෙවද්යවරයෙක් ලෙෂ කටයුතු කරයි. අනෙක් පුතා ව්‍යාපාර කළමනාකරණ ක්ෂෙත්රයේ නිරතවෙයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඇය සිව් වසරක කාලයක් රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක ලෙස ද සේවය කළාය. කාන්තාවන්ට පරිපාලන සේවයට එක්වන්නට අවස්ථාව ලද පළමු අවස්ථාව වූ 1967 දී ඇය ශ්‍රීලංකා පරිපාලන සේවයට ඇතුළත් වූවාය. පරිපාලන සේවයේ විවිධ තනනුරු හෙබවූ ඇය 1993 දී ලංකාවේ පළමු කාන්තා මහ දිසාපතිනියන් දෙදෙනාගෙන් කෙනෙක් ලෙස ද පත්වුවාය.
කුසුමා විලේගොඩ මහත්මිය 1999 - 2003 අතර කාලයේ සබරගමු පළාත් සභාවේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරියක් ද වූවා ය. කුසුමා විලේගොඩ මහත්මිය රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ අනුශාසකවරියක් ද ලෙස ද කලක් කටයුතු කළා ය.
දේහය රත්නපුර හිදැල්ලන කොළඹ පාරේ නිවසේ තැන්පත්කර තිබූ අතර 27දා රාත්‍රී 07.00ට පමණ රත්නපුර මල්වල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කෙරුණි.
අජිත්ලාල් ශන්තඋදය