ඉන්දියාවේ පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Vibrant Gujarat සමුළුවට එක්වීම සඳහා මුදල් අමාත්‍යවරයා එළැඹෙන සතියේ 10 -12 දා කාලය තුළ ඉන්දිය සංචාරයකට බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිතව තිබේ.
ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01දා) දිවයිනට පැමිණියේය. මුදල් අමාත්‍යවරයා මාසයකට ආසන්න කාලසීමාවක් තුළ ඉන්දියාවේ සිදුකරන දෙවැනි සංචාරය මෙය වෙයි.
මෙම සංචාරය තුළදී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය පවසයි.