රෙහන්සා දියණියගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු
තමන්ට ලැබුණු ජනාධිපති ධුරයේ බලතල දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දියණියකගෙන් තමන්ට ලැබුණ ලිපියකට පිළිතුරු ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ආදරණීය රොහන්සා දියණිය වෙතටයි,
දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය "ඉටුකම" COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බර වීමි.
ඔබ වැනි ශ්‍රී ලාංකේය දරුවන් වෙත අපගේ මවුබිම අනාගතයේ භාරවනු දැකීම මා හට මහත් අස්වැසිල්ලකි.
මා වෙත ලැබුණු ජනාධිපති ධුරයේ බලතල ඔබ වැනි දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බවට මම පොරොන්දු වෙමි.
ළමා කාලය අප සියලු දෙනාගේ ජීවිතයේ සුන්දරම කාලයයි. එය තම අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කෙරෙහි යොදාගනිමින් ශ්‍රී ලාංකේය නාමය ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි නව්‍ය නිර්මාණ කිරීමට ඔබ උත්සුක විය යුතුය. ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මම ආශිර්වාද කරමි'
අපි අපේ රටට ආදරය කරමු. අප වෙත පැමිණෙන සියලු බාධක එක්ව ජයගමු.
තෙරුවන් සරණයි.

popular news
-
Chathu Friday, 05 June 2020 04:29 PM
Janadipathitumani, coronawa nisa wesu rata samanyakaranaya wemin pawathinawa.masa 2kata pamana pasuwa rajya ayatana ha anekut ayathana kriyatmaka wemin pawathi.rajaye niyoga anuwa athyawashya sewa kriyathmaka uwat eyat awama sewaka pirisak yodawagena kriyatmaka wuna.a athara pregnant udawiya tibu awadanama mata nogenwana lesa niyoga kara tibuna.a anuwa me adahasa liana mada masa 6ka gebiniyak wu bewin rajakariyata wartha nokota heki akarayen niwase sita sewaya kala.a athara rajakari kendawimal lebunada ma a wanawita mage stawara padinchiya wetha gos siti atara sewa sthanaya ha ma siti sthanaya athara dura 150km pamana wuna.ema kalasimawa thula etaram durak peminiya noheki bewin ma a bawa ayathana pradanita danwa niwase rendi sitiya.namut rata newatha samsnya karanaya wimata patan gath pasu ma rajakariyata pasugya 25sita wartha kalath me wana wita ema sthanaye sitin pradaniya ha upa pradaniya nowa anekut karya mandala kipa denek wisin sewayata nopeminima pilibandawa dosharopanaya karam
Reply : 0 0
Chathu Friday, 05 June 2020 04:35 PM
Siti. Satya lesama verbally and mentally harassment weemak nirantarayen sidu karamin pawathi.denata masa 8ka gebiniyak wana ma diyawadiya rogiyek menma aduma rogiyekda wana atara emagin mahat peedawakata pathwa sitinawa. Janadipathitumani mewan de pilibandawat oba tumage awadanaya yomu kota a pilibandawa yam pehedili kirimak ho ikman prakashayak karanu ethei balaporottu wemi... stuti
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

