රුසියාවේ සරසවියක විවෘත වෙඩි තැබීමකින් 6ක් මරුට
රුසියාවේ පෙර්ම්හි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 6ක් තුවාල ලබා තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තෙරතුරු වාර්තා කරයි.
මෙහිදී භීතියට පත් ඇතැම් සිසුන් සරසවි ගොඩනැගිල්ලක පළමු මහලේ සිට බිමට පනින අයුරුද වීඩියෝවක සටහන්ව තිබුණි.
වෙඩිතැබූ පුද්ගලයා ආරක්ෂක අංශවිසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී තුවාල ලැබීම හේතුවෙන් ඔහු රෝහල් ගත් කර තිබේ.
මුලදී මෙම සිදුවීමෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් කළේය. මෙම වෙඩිකරු එම විශ්වවිද්‍යාලයේම සිසුවෙක් බවට හදුනාගෙන තිබේ. ඔහු දඩයම් සඳහා තුවක්කුවක් මැයි මාසයේදී ලබාගෙන ඇති බවට වාර්තා වී තිබේ.
18 හැවැරිදි මෙම සැකකරු සිදුවීමට ප්‍රථමව තුවක්කුව හා පතරොම් සහිතව සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබී තිබේ.
මෙම ප්‍රහාරයට දේශපාලන හෝ ආගමික සම්බන්ධයක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Очевидцы сообщают о стрельбе в Пермском государственном университете. Студенты покидают здание через окна. pic.twitter.com/TFDpTR0rGV
— РЕН ТВ | Новости (@rentvchannel) September 20, 2021
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

