රුසියානු ජාතික කාන්තාවකට තර්ජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු අත්අඩංගුවට
රුසියානු ජාතික කාන්තාවකට ජංගම දුරකථනය හරහා කෙටි පණිවුඩ මගින් මරණිය තර්ජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු ඊයේ (27) විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලීසිය පවසයි.
හික්කඩුව නගරයේ දි මෙකි සංචාරක මගපෙන්වන්නා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු රුසියානු ජාතික කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. සංචාරක මගපෙන්වන්නාගේ අයහපත් ක්‍රියාකලාපයන් නිසා රුසියානු ජාතික කාන්තාව මොහු සමග පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවට නතර කොට ඇත.
ඉන් රුසියානු ජාතික කාන්තාව සමග උරණ වු සංචාරක මගපෙන්වන්නා මම තමයි හික්කඩුවේ චන්ඩියා, ආදි දේ කියමින් ඇයට ජංගම දුරකථනය ඔස්සේ තර්ජනය කොට ඇති බව පොලීසිය පවසයි.
මින් දැඩි කම්පනයට පත් රුසියානු ජාතික කාන්තාව හික්කඩුව පොලීසියට පැමිණිලි කොට ඇත. සංචාරක මගපෙන්වන්නා පොලීසියට කට්ටිපනිමින් සිට ඇත.
පසුව මේ පිළිබද රුසියානු ජාතික කාන්තාව විසින් එරට තනාපති කාර්යාලයටද පැමිනිණි කොට තිබුණි. ගාල්ල හා හික්කඩුව යන පොලීසිවල විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සංචාරක මග පෙන්වන්නා අත්අඩංගුවට ගෙන ඇත.

popular news
-
Gamaraka Thursday, 28 May 2020 12:23 PM
Must give good punishment. If not our tourism industry will go to hell.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

