රැකියා වැඩසටහන ජනපති විමසුමට
සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වෙයි.
සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අද (17) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව පැවසීය.
රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද අනුයුක්ත කෙරේ. නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක්කර ගත යුතුයැයි ද ජනාධිපතිතුමා කීය.
නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සුපරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක කල චාරිකාවේදී බොහෝ පිරිස් පාසැල්වල ඇති ගුරු හිඟය පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ. නව පත්වීම්ලාභීන් ඒ සදහා පත්කිරීමට ද තීරණය කෙරිණ.
රැකියා ලක්ෂය සදහා තෝරා ගැනෙන අඩු ආදායම්ලාභීන් වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරේ. ඔවුනට පුහුණුව ලබාදීම ආධුනිකත්ව මණ්ඩලය සිදු කරයි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ ජනරාල් නන්ද මල්ලවආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ

popular news
-
Harsha Tuesday, 18 August 2020 10:36 AM
Api weda Kare seethawaka epz ake apiwa hithumathe ain karala job maru Karala yana anamak ne bank akakin loan akak denne finance walin oluwa kanawa ape duppath kamata zone ake wedata awe den wayasth akka wena job aththeth ne Apita kisima sahanayak kohen wath ne minimaranna thama wenne heta anindata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

