හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අගොස්තු මස 28 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිතාසි නිකුත් කළේය.
ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනාපත්ර ගොනු කරනු ලැබුවා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර ඇත .
