රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය මොරටුවාහේන ප්ර දේශයේදී අත්අඩංගවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
එම සැකකරු සමග මත්කුඩු ග්රෑම් 18 පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් හෙළි වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සැකකරු මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකි.