රෝසි ඊයේ හිඟ නෑ කියූ මුදල් අද ගෙවයි
කෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ භාර ගැනීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් කොළඹ නරග සභාව ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අද (08දා) ගෙවා දමා ඇත.
අදාළ මුදල නොගෙවීම හේතුවෙන් කොළඹ නගර සභාවේ කසළ භාර නොගැනීමට ශ්රී ලංකා ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පසුගිය සෙනසුරාදා සිට කටයුතු කෙරිණ.
මුදල් ගෙවා දැමීම හේතුවෙන් නැවතත් කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීමට සංස්ථාව කටයුතු කර තිබේ.
ඊයේ කොළඹදී මාධ්යා සාකච්ඡාවක් පවත්වමින් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ නගර සභාව විසින් කිසිම මුදලක් ගෙවීමට නොමැති බවයි.
popular news
-
rocky Monday, 08 October 2018 03:40 PM
නෝනාගේ කසල බැහැර කොර ගන්න නම් මහා ලොකු ගානක් වියදම් කොරලා වැසිකිලි රෙපයාර් කොර ගත්ත නේද?
Reply : 0 1
Champa Monday, 08 October 2018 03:51 PM
ඒක තමයි. සති කීපෙකට ඉස්සෙල්ල කිව්වා කොළොඹ මහ නගර සභාවට ඕනේ තරම් සල්ලි තියෙනව කියල. එයාගේ නිල නිවසේ washrooms අලුත් කරන්න Rs. 5.7 මිලියන් වියදම් කළා. ඒකට සල්ලි තිබ්බ. සභිකයන්ගේ පඩි වැඩි කරන්න, තව මොනව හරි දෙන්න TV හරි කොම්පියුටර් හරි දෙන්න ඕනේ තරම් සල්ලි තිබ්බ. කුණු ටික අයින් කරන්න සල්ලි දෙන්න ලෝභ වුනා. අන්න තියෙනව කිව්ව සල්ලි වලින් කොළොඹ නගරයේ විශේෂයෙන් කොටුව පිටකොටුව හරියේ washrooms හදලා දෙන්න. අර ජන බලය කොළොඹට ආපු වෙලාවේ ඒකට සහභාගී වෙච්ච මිනිස්සු හරියට toilets නැති නිසා "දෙමව්පියෝ නැති දරුවෝ" පාරවල් පුරා දාල ගිහින් තිබ්බ කියලා චෝදනාවක් කරනවා මම තැනක දැක්ක. ලක්ෂ ගණන් එන නගරේ මිනිස්සුන්ට ඒවාට පහසුකම් හදල දෙන්න ඕනේ කොළොඹ නගරසභාවට ඔච්චර සල්ලි තියෙනව කියලා එදා කිව්වා විදිහට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
