රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.
අභියාචනාධිකරණය තමා සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 16 දා ලබා දුන් තීන්දුව ඉවතලන නියෝගයක් නිකුත් කරන ලෙසට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සිය අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටියි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ පුද්ගලික වියදමින් එම ප්‍රදේශ වල නැවත වන වගාවන් ඇති කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබුණා.
අභියාචනාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමෙන් පෙත්සම්කරු අයදීමක් කර නොතිබුණු සහනයක් අභියාචනාධිකරණය ලබා දී බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට ලබා දීමට බලයක් නොමැති බවයි මෙහිදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

