රැම්සා තෙත්බිම ඩෝසර් කිරීම සේවීමට කමිටුවක්
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගාව සඳහා පොකුණු සකස්කළ පුද්ගලයන් සහ එම විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සිව් පුද්ගල කමීටුවක් පත්කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කළේය.
අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙම පරිසර විනාශය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදි මෙම පත්කිරීම කඩිනමින් සිදුකරනු ලැබීය.
කමීටුව සඳහා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, වනජීවි අධ්යක්ෂ, පුත්තලම දිසා ලේකම් එල්. ජේ. එම්. ජී. චන්ද්‍රසිරි බංඩාර යන නිළධාරීන් මෙම අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම රැම්සා තෙත්භූමිය සමස්ථ ලෝකයම පිළිගත් ආසියාවේ ස්විශේෂ තෙත්භුමියක් බවයි.
මෙහි ජෛව විවිධත්වය හා සංක්‍රමණ පක්ෂීන්ගේ සහ පරිසර සුන්දරත්වය පිළිබඳව ලෝක සිතියමේ විශේෂ සටහනක් තබාතිබීම හේතුවෙන් සංචාරකයින් පවා පැමිණිම නිරන්තරයෙන් සිදුවීමෙන් එය විදේශ විනිමය රටට ගලා ඒමේ තෝතැන්නක්බ වයි.
මෙවන් උරුමයක් සම්පතක් විනාශ කරන්නට දතකන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නිසි දඩුවම්දීමට මැලිනොවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.සතියක් ඇතුලත මේපිළිබඳව පූර්ණ වාර්තාවක් සකස්කොට තමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා මෙම විනාශයට සම්බන්ධ සෑම පුද්ලයෙකුම හා යනත්රයක්ම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට උපදෙස් ලබා දුන්නේය.
ලලිත් නවරත්න

popular news
-
Champa Wednesday, 02 September 2020 03:58 PM
ආනවිළුන්දාව රෑම්සාර් තෙත් භූමියට කිසි හානියක් වෙලා නැහැ කියල හොරාගේ අම්ම පේනෙකට කියල තියෙනව දැක්ක. වෙන තැනකට මම ඒකට යවපු කොමෙන්ට්ස් වැටිලා නැහැ. ආනවිළුන්දාව නමැති දුර්ලභ ජලජ පක්ෂි ජනාවාසය රෑම්සාර් ජාත්‍යන්තර තෙත් භූමියක් විදිහට නම් කරන්නේ 2001 දී. නමුත් ආනවිළුන්දාව සංරක්ෂිත තෙත් භූමියක් විදිහට හඳුනා ගන්නේ 1983 තරම් ඈත කාලයේ ලංකාවේ ජලජ පක්ෂීන් ගැන කරපු සංගණනයකින්. මේ තෙත් භූමිය ඩෝසර් කරලා කරපු මහා විනාශය මුළු රටම දැක්ක. ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බ ඉස්සන් ව්‍යපෘති මහා පරිමාණයෙන් කරන්න තීරණය කල බැසිල් සහ ගෝඨාභයගේ රැස්වීමෙන් පස්සේ රෑ තමයි මේ තෙත්බිම ඩෝසර් කලේ. වහල් ආණ්ඩුව කාලේ ඉඳන් පුත්තලම කලපුව විනාශ කරගෙන, කඩොලාන කපාගෙන කරපු ඉස්සන් වගාවට විරුද්ධවව අපි කතා කළා. නමුත් වහල් ආණ්ඩුව එළවලා ගෙනාපු දේශප්‍රේමී ආණ්ඩුව ඊටත් එහා ගිහින් කඩොලාන ශාක තිබුණු විශාල බිම් ප්‍රමාණයක් ගිනි තිබ්බ. එහෙම කලේ එඩිතර රාජ්‍ය නිලධාරිනියක් ඊට විරුද්ධව කතා කළාටත් පස්සේ. මුළු රටම ඒ ගැන කතා කළා. නමුත් ජනාධිපතිවරයා සහ හාමුදුරුවරු නොදැක්ක වගේ හිටියා. පරිස්සමට තිබ්බ දේ දැන් ඩෝසරයට යට වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

