රුපියල් බිලියන 130කට අධික මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්
පසුගිය රජය සමයේදී ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙසේ ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 130කට අධික බවත් ඔහු ප්‍රකාශ කළේය. අද (30දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
පසුගිය රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳව නන්දොඩවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ ඉදිකිරිම් මුදල් නොගෙවීම ගැන විපක්ෂනායක නන්දොඩවනවා. එක පාරටම මුදල් ගෙවීමේ හැකියාවක් නෑ. පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවට බොරු තොරතුරු ඉදිරිපත් කළා.
මුදල් නොගෙවීම ගැන අපිට දොස් කියලා වැඩක් නෑ. මේ පසුගිය රජය විසින් කරපුවා. මේ පිළිබඳව ලබන සතියේදී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කරාවි.
මුදල් ඉල්ලලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා” යැයි ඔහු පැවැසීය.
එසේම 2016/2017/2017 වර්ෂ සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් මත ලබාදෙන පොලී සහනාධාරය වෙනුවෙන් බැංකු සඳහා රුපියල් බිලියන 47 ක මුදලක් ගෙවීමට ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එසේම විදේස් ණය ගෙවීම් පිළිබඳව රජයට ගැටලුවක් නොමැති බවත් අතීතයේදී මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එය නියමිත දිනවලදී ගෙවනු ඇති බවත් ඔහු ප්‍රකශ කළේය.

popular news
-
Don Thursday, 30 January 2020 08:03 PM
මෙයාටනම් මුඛ ආවරණයක් අවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

