රනිල් අබුඩාබියේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට
එළඹෙන දෙසැම්බර් 03වැනිදා සිට 05වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.
'පරිසරය,ආර්ථිකය සහ වසංගතය' මෙවර සමුළුවේ තේමාවයි. ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාසවල වර්ධනය සමග තර්ජනයන්ට මුහුණදීම කෙසේද යන්න පිළිබඳ මෙම සමුළුවේදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර,2016වර්ෂයේ සිට 2019වර්ෂය දක්වා කාලයේ ඒ මහතා එම ධුරය දැරුවේය.
වික්‍රමසිංහ මහතා එළඹෙන දෙසැම්බර් 05වැනිදා සමුළුව ඇමතීමටද නියමිතය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන 05වැනි ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්මහතා සහ සිංගප්පුරුවිදේශ කටයුතු අමාත්‍ය බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

