රන්ජන් හා පාලිත ගැන විපක්ෂයෙන් නිවේදනයක්
විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතුවලට රජය සෘජුවම බාධා කරන බවත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් හා පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමට උත්සහා දැරීම තුළ එය පැහැදිලි වන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
අසත්‍ය චෝදනා නොකොට වහාම රංජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
ආණ්ඩුව ජනතාවට බෙදා දීමට ලබා දුන් ආහාරපාන නිවෙස් තුළ තුළ සඟවාගත් පොදු ජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිළිබඳවද වාර්තා දක්නට ලැබුණත්, ඒ කිසිවකට පියවර නොගන්නා ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කාර්යයන්වලට අකුල් හෙලමින් මර්දනයක් දියත් කිරීමද දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද ඒ මහතා කියා සිටියේය.
ජනතාවට අවශ්‍යය අත්‍යවශ්‍ය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති රජය, උත්සාහ දරනුයේ තම නොහැකියාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ හෙළිදරව් වීම වළක්වා ගැනීමට බව ද මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරියද විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු මස තෙක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණ බවත්, බලය ලබා ගැනීමේ පටු චේතනාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර කොරෝනා වෛරසයද තම දේශපාලනය සඳහා යොදාගන්නා ආණ්ඩුව ජනතාවගේ දුක නොහඳුනන බව ජනතාවට උපකාර කරන මන්ත්‍රීවරුන්ට කරනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පැහැදිලි වන බව ද ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරුන් සිරභාරයට ගැනීම නොව ජනතාව වෙනුවෙන් මෙම සේවාවන් ඉටුකරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සහාය ලබා දීම බවත්, නමුත් ආණ්ඩුව සිදු කරනුයේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට එළවළු බෙදාහැරීම දක්වා වූ සියලු කටයුතුවල අවස්ථාවන් සලසා දෙමින් ඒ තුළින් ඉදිරි මැතිවරණයට අවශ්‍යය මුදල් හරි හම්බ කර ගැනීමට අවකාශය සලසා දීම බවත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව යලි රැස් කරන ලෙස ලෙස කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වනුයේ ද මෙම සදාචාර සම්පන්න නොවන ක්‍රියාදාමය හේතුවෙන් බවත්, ජාතික ව්‍යසන, අර්බුද, ගැටලු දේශපාලනීකරය කරමින් ඒ තුළින් පටු අභිමතාර්ථ ඉටු කර ගැනීම පිළිබඳව ආණ්ඩුවට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක් බව ද සඳහන් කළේය.
ආණ්ඩුව සිදු කරන දේශපාලන ක්‍රියාදාමයන් නිවැරදිව වටහාගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෝ පොදු ජනතාවට සහන සලසන ඕනෑම කෙනෙකුට ආණ්ඩුව ලබාදිය යුත්තේ සහය මිස දෑතට විලංගු දැමීම නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි
popular news
-
gamini abheyadeera Wednesday, 15 April 2020 04:39 AM
මේ අයට තේරෙන්නේ නෙද්ද රන්ජන් රාමනායක පොලිසියට බාද කෙරුව කියල.
Reply : 40 0
Mahesh Wednesday, 15 April 2020 10:55 AM
Ranjan wenuwen penisita redi galawa ganna epa.
Reply : 32 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

