මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහට තරග කර ජයගත් රන්ජන් රාමනායක මහතා සිය මැතිවරණ වියදම ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහු පවසන්නේ තමාගේ මැතිවරණය වෙනුවෙන් රුපියල් 5 565 500ක් වියදම් වූ බවයි. එයින් ලක්ෂ 41ක්ම හිතවතුන්ගෙන් ලද පරිත්‍යාග බවත් පක්ෂ මූලස්ථානයෙන් රුපියල් ලක්ෂ 5ක් ලැබුණ බවයි.
තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් 965000ක් වියදම් වී ඇති බවද ඔහු කියයි.
රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ ඇති මැතිවරණ වියදම් සටහන තුළ වැඩිම වියදමක් දරා ඇත්තේ රූපවාහිනී දැන්වීම් සඳහා වන අතර එම අගය රුපියල් මිලියන 3.3කි. ඔහු ෆේස්බුක් හරහා දැන්වීම් පළකර නොමැත.
සිය වියදම් ඇතුළත් කරමින් රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන
