රන්ජන්ගේ හඩ පට තුළින් ප්රභූන්ට අපහාස විය හැකි දෑ ඉවත් කරයි
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති දුරකථන හඬපට ඇතුළත් සී.ඩී. තැටිය පිළිබඳව අද (07දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා විය.
ඒ අනුව එම සී.ඩී. තැටිය තවදුරටත් පරීක්ෂා කර බලා ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්හ.
ඉන් පසුව කථානායකවරයා එය තවදුරටත් පරීක්ෂා කර බලා සුදුසු පියවර ගත යුතු බව කාරක සභාවේදී තීරණය විය. එම සී.ඩී. තැටිය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ලබාදීම සම්බන්ධව ඉන්පසුව තීරණය කෙරෙනු ඇත.
popular news
-
rocky Friday, 07 February 2020 07:03 PM
ඒවා අයින් කෙරුවොත් ඔය තැටිවල අහන්න මොකු ත්ම නැතුව ඇති!
Reply : 0 0
අශේන් Friday, 07 February 2020 10:29 PM
ප්රභූන් කියන්නෙ කම්බ හොරුන්ට කියන තවත් නමක්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

