අපරාධකල්ලි කිහිපයක් ක්‍රියාත්මක ප්‍රදේශයක් වන රත්මලානේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීටම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවත් පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම ඊයේ දිනයේදී රත්මලාන ප්‍ර දේශයේදී හොරොයින් ග්‍රෑම් 7ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක මෙහෙයුම් අනුව අපරාධකරුවන් පළා යෑමට උත්සාහ කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම විදෙස්ගතව සිටින අපරාධකරුවන් සංඛ්‍යාව ඉතාම අතලොස්සක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.