රත්නපුරට යළි ගංවතුර අවදානමක් - කලුගඟේ ජල මට්ටම ශිඝ්ර ලෙස ඉහළට
සමනල අඩවිය ඇතුළු ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් අද ( 24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එය ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අඟවන සිමාව පසුකර තිබේ.
රත්නපුර මුවගම ජල මාපකයේ මීටර් 07.5 ඉක්මවූ විට සුලූ ගංවතුර තත්ත්වයක් ලෙස සැලකේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කලූගඟ දෙපස සහ පහළ ජනතාවට සුලූ ගංවතුර මට්ටමකට මුහුණ දෙන ලෙස සුදානම්ව සිටින්නැයි අනතුරු අඟවයි.
ඒ අනුව රත්නපුර, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් ඇති නිසා ආරක්ෂිත ස්ථාන වලට යාමට සුදානමින් සිටින්නැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය දන්වා සිටී.
කලූ ගගේ ජල මට්ටම අද අලූයම 04.00ට අඩි පහ හමරක් වූ අතර රාත්‍රී අට වනවිට අඩි එකොළහ හමාරකින් ඉහළ නැග තිබුණි. ඉහළ කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂා වරින් වර අඩු වැඩිවෙමින් ඇදහැලෙන නිසා රාත්‍රී කාලයේ ගගේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මීට දින පහකට පමණ පෙර මහ ගංවතුර තත්ත්වයක් ඇති වු නිසා එසේ ගලා ආ ජලය පහත්බිම් වල තවමත් රැඳි ඇති නිසා මේ වනවිට ගංවතුරක අවදානම ඉක්මණින් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

popular news
-
චමින්ද Monday, 25 May 2020 07:08 AM
සිහල අවුරුද්ද පසුවී දින 45 කින් ගංවතුරක් එනවා කියනදෙය මම අත්දැක තියෙනවා.දින 45 ක් වෙන්නේ මැයි මාසයේ අන්තිම දිනවලටයි.තරමක්හෝ ගංවතුර අවධානම අඩුවෙන්නේ ජූනි මාසයේ සිටය.සමහර අවුරුදුවල දෙතුන්වර ගංවතුර ඇතිවෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

