ජාතික ජන බලවේගයට බලය හිමි රත්තොට ප්රාදේශිය සභාවේ මංගල අය වැය ලේඛනය අද (26)දා පරාජයට පත් විය.සභාපති සමන්ත බණ්ඩාර සමරකොන් මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර එහිදි පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද ලැබුණි.
බලය හිමි ජාතික ජන බලවේගයේ සභිකයින් 11 දෙනා සහ ලංකා කම්කරු කොංග්රසයේ සභිකයින් දෙදෙනා පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂව සමගි ජන බලවේගයේ සභිකයින් 5 දෙනාද එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 4 දෙනාද ශ්රි ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 2 දෙනාද ජන අරගල සන්ධානය,සර්ව ජන බලය පක්ෂවල සභිකයින් විසින් විපක්ෂව ඡන්දය ප්රකාශ කෙරුණි.
මාතලේ මහේෂ් කිර්තිරත්න