ජිනේස් නානායක්කාර
රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් 10 දෙනකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැදවියකු බැලිම සදහා ගිය රැදවියේ පවුලේ සාමාජිකයින් 04 දෙනෙකු, තවත් දෙදෙනෙකු හා මොවුන් ගිය වාහනයේ රියදුරු පි සි.ආර්පරික්ෂණවලට ලක්කොට ඇති අතර පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත. බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත උපදේශකවරයා පැමිණි සුපිරි වෙළදසැලක හිමිකරු හා පවුලේ සිව් දෙනෙකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් එම සිව්දෙනාටද කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවද ප්‍ර දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කමල් කොඩිකාර මහතා සදහන් කළේය.
