රත්නපුර කොරෝනා ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි
රත්නපුර දිස්ත්‍රික්කයේ කොරොනා ආසාදිත සංඛ්‍යාව ඊයේ 08 වනවිට දෙදහස ඉක්මවා ගොස්තිබේ.
පුද්ගලයින් 2063 දෙනෙකු කොරොනා ආසාදිතයින් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එම ආසාදිතයින්ගෙන් 1713 දෙනෙකු සුවය ලබා ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ රත්නපුර කොවිඩ්මර්ධන කමිටුවේ සභාපති, මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇහැලියගොඩ කොට්ඨාසයෙන් වාර්තා වේ. එහි පුද්ගලයින් 628 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 559 කි. ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 237 කි.
රත්නපුර කොට්ඨාසයේ පුද්ගලයින් 315 දෙනෙකුට රෝගය ආසාදිත වු අතර සුවය ලැබූ සංඛ්‍යාව 248 කි. ස්වයං නිරෝධායනය වන පිරිස 443 කි.
කුරුවිට කොට්ඨාසයේ 426 දෙනෙකුගෙන් 386 දෙනෙකු සුවය ලබා තිබේ . ස්වයං නිරෝධායනය වන පිරිස 272 කි.
අයගම කොට්ඨාසයේ 51 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 48 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 40 කි.
කිරිඇල්ල කොට්ඨාසයේ 94 දෙනෙකුට කොව්ඩ් ආසාදිත ලෙස තහවුරු වු අතර සුවය ලැබූ සංඛ්‍යාව 78 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 135 කි.
කහවත්ත කොට්ඨාසයේ 67 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 50 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 535 කි.
ඇලපාත කොට්ඨාසයේ 79 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 42 දෙනෙකි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 45 කි.
ගොඩකවෙල කොට්ඨාසයේ 67 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 44 දෙනෙකි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 110 කි.
ඕපනායක කොට්ඨාසයේ 46 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 44 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 61 කි.
පැල්මඩුල්ල කොට්ඨාසයේ 86 දෙනෙකු ආසාදිත ලෙස වාර්තා විය . සුවය ලැබූ සංඛ්‍යාව 63 දෙනෙකි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 225 කි.
ඉඹුල්පේ කොට්ඨාසයේ 29 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 28 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 17 කි.
ඇඹිලිපිටිය කොට්ඨාසයේ 31 දෙනෙකුට රෝගය වැළදුණ අතර 23 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 148 කි.
නිවිතිගල කොට්ඨාසයේ 59 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 38 දෙනෙකි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 116 කි.
බළංගොඩ කොට්ඨාසයේ 24 දෙනෙකුට රෝගය වැළඳුණ අතර 15 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන පිරිස 125 ක් බව වාර්තා වේ.
කලවාන කොට්ඨාසයේ 43 දෙනෙකුට රෝගය වැළදුණ අතර එම 43 දෙනාම සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 25 කි.
වැලිගෙපොල කොට්ඨාසයේ 08 දෙනෙකුට රෝගය වැළදුණ අතර 04 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 48 කි.
කොලොන්න කොට්ඨාසයේ 10 දෙනෙකුට රෝගය වැළදුණ අතර ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 43 කි.
පවුල් 687 ක පුද්ගලයින් 2625 දෙනෙකු නිරෝධායනයටලක්වනබවද රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය පැවසුවාය.
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

