මෙරට තිබෙන ණය ගෙවා නැවත ණය ලබා නොගන්නා තත්ත්වයකට රට පත් කිරීමට සහයෝගය ලෙස පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අවසන් දිනය සඳහා අද(10දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර වත්මන් ආණ්ඩුව විසින් ආණ්ඩු බලය වෙනත් පාර්ශවයකට ලබා දීමට කටයුතු කරනුයේ රට තුල ණය නොමැති තත්ත්වයකට පත් කර බවත් එසේ නොමැතිව රට ණය කර වෙනත් ආණ්ඩුවකට ආණ්ඩු බලය ලබා දීමට කටයුතු නොකරන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ - අපිට අමාරු තත්ත්වයක් තිබෙන්නේ. ඒත් මේක මාසෙක දෙකක ඇතිවුනු එකක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ඇතිවෙලා තිබෙනවා. මම සතුටු වෙනවා විපක්ෂයත් ඇතැම් අය ඒ ආකාරයටම පැහැදිලි කළා ඒ තත්ත්වය. ඒ නිසා මේ අර්බුදයට මුහුණ දෙන්න කටයුතු කරමු.
ඔවුන් ඉදිරිපත් කරපු අයි.එම්.එෆ් එක ගැන කිව්වම, මේ අයි.එම්.එෆ් එකට යන එක අලුත් දෙයක් නෙවෙයි. 1961ත් ගියා. මමත් ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නිවාඩ් කබ්රාල් මහතා සමග මම ගියා යුද්ධේ ඉවර වුනු ගමන්ම. අපි ගත්තා. මේ වන විටත් නොදන්නවට අයි.එම්.එෆ් එක ඇවිල්ලා තිබෙනවා මෙහේ.
ඒත් ඔවුන් කිව්වා විපක්ෂයෙන් ඔවුන්ට, විපක්ෂනායකතුමා කිව්වා අපි ඔ්නී එකකට උදව් කරනවා කියලා. නමුත් අයි.එම්.එෆ් එක කියන තමුන්නාන්සේලාගේ දෙවියන් වහන්සේ, සක්‍රයා, මැවුම්කාරයාටවත් වෙලාවක් දීලා නෑ. වයිමන් ඉන්නේ අපේ පැත්තේ. අයි.එම්.එෆ් එක ගැන අපේ විශ්වාසයක් නෑ. අපි සාමාජිකයෝ. ව්‍යවස්ථානුකූලය අයි.එම්.එෆ් එක කොන්දේසි අනුව වාර්ශිකව ඔවුන් ඇවිල්ලා මේ සමීක්ෂණ ඇති කරලා ඔවුන් වාර්ථාවක් අපිට දෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා - අපේ නායකතුමා කිව්වා වගේ අපි ලෑස්තියි සහයෝගය දෙන්න රට වෙනුවෙන් මේ අවස්ථාවේදී. නමුත් ඔබ කිව්වා මීටිමකට අපෙන් වෙලාව ඉල්ලුවා අපි දුන්නේ නෑ කියලා. ඒක අසත්‍යක්. ඒ කණ්ඩායම අදවත් ඉල්ලලා නෑ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ - ඔබතුමාලා අයි.එම්.එෆ් එකට යනවාද කියලා ඇහුවා. අයි.එම්.එෆ් එකේ අපි සාමාජිකයෝ. මාස කිහිපයකට කලින් අපිට මිලියන හයසීය ගානක් ලැබුණා. අවුරුදු පතා ඔවුන් ඇවිත් තමන්ගේ සාමාජික රටවල් වල සියලු දෙනා හමුවෙලා ඔවුන් වාර්ථාවක් දෙනවා. ඒ වාර්ථාව දුන්නට පස්සේ ඒ රජයන් සමහරක් ක්‍රියාත්මක කරනවා. සමහරක් බෑ කියනවා. ඊලගට ඔවුන් දෙන සහන ගැනත් කතා කරනවා. අපි කියනවා අපිට එක පාර බැරි වුනත් අපේම සංචිත අපි හදාගන්නවා කියලා. ඒක තමයි අපේ අදහස.
අපේ විදේශ මුදල් ගලායන එක් අංශයක් තමයි මේ පිටරට යන එක නතර කරන්න ඔ්නී. ඒකට තමයි අපි පුනර්ජණනීය බලශක්තිය පාවිච්චි කරලා අපේ තෙල් වලට යන මිල පුලුවන් තරම් අඩු කර ගන්න හදන්නේ. ඒ සඳහා අපිට පුලුවන් වුනොත් මේ රටේ විදුලිය නිෂ්පාදනයට පාවිච්චි කරන, ඒ වගේම වාහන වල ඉන්දන පාවිච්චිය අඩු කරන්න පුලුවන් නම් අපිට පුලුවන් වෙයි පිටරටට යන විශාල මුදලක් ඉතුරු කර ගන්න. එතකොට අපිට පුලුවන් ඒකෙන් අපිට අර ණය ටිකත් ගෙවලා අයි.එම්.එෆ් එකෙන් ණය ගන්නේ නැතිව, අපේ ණයකාරයන් ලගට ගිහින් අනේ අපිට ණය ගෙවන්න බෑ, අපිට තව අවුරුද්දක් දෙන්න කියලා ඉල්ලන තත්ත්වයට අපිව පත් නොකර අපිට උදව් කරන්න කෙලින් හිටගෙන උඹලාගේ ණය අපි ගෙවනවා, ඊට පස්සේ උඹලාගෙන් ණය ගන්නෙත් නෑ කියන තත්ත්වයට ශක්තිමත් රටක් හදන්න අපිට උදව් කරන්න. ඒකයි අපිට ඔ්නී. අපි භය නැතිව කියනවා දෙනවා නම් දෙන්නේ ණය නැති රටක්. අපි මේ රට හදලා තමයි දෙන්නේ. එහෙම නැතිව මේ රට ණය කරලා දෙන්නේ නෑ.