රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ
මිනුවන්ගොඩ ප්‍රදේශය තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මූලාශ්‍ර සොයා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ (Lockdown) කිසිදු අවශ්‍යතාවක් නොපවතින බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසූවේ, අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මෙම ආයතනය තුළ සේවය කරනු ලබන සේවකයින් අතරින් කිහිපදෙනෙක් හට පසුගිය 21 වනදා සිට පමණ යම් උණ සහ ස්වසන රෝගී තත්ත්වයන් පැවති බවට වාර්තා වී ඇති අතරම එබැවින් රෝගී මූලාශ්‍රය සොයා ගැනීමේදී යම් අසීරුතාවයක්ද පවතින බවත් අද දිනය වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලුම සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර අවසන් කිරීමට හැකි වී ඇති බවද මෙහිදී කීය.
-
Don Thursday, 08 October 2020 08:39 AM
Who the hell allowed Brandix to import 60 COVID contaminated Indians, with no 28 Days compulsory quarantine? The people who are responsible must be jailed.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

