රට නොවැසෙන තැනට වැඩ කරමු
මේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
බහුතර පිරිසක් ඉල්ලා සිටින්නේ රට නොවසන ලෙස බවත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසල් ඇතුළු පොදු ස්ථානවලදී ජනතාව බෙහෙවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානීයාද වන යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එසේම උත්සව සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද ඔහු ඉල්ලීමක් කරයි.
popular news
-
Don Juan Wednesday, 11 August 2021 06:24 PM
Yes, he is right, when someone want to meet him in low ranks, need to have 14 days quarantine, But that facilities and procedures do not have ordinary people. Plus each and every home works doing by his team and no need to do anything by he or his family. First need to come to low level and see how ordinary people live in life. then anyone can preach all those practices.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

