රට ගොඬනගන්න තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය දෙන්න - රවී
රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.
ඊයේ (10) ගාලුමුවදොර පැවති රැස්විමට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
සමහරු අහනවා අපි වසර 05 ක් තිස්සේ මොනවද කළේ කියලා. නමුත් අපට බලය ලැබුණ වෙලාවේ විශාල ගැටලු රාශියක් තිබුණා විසඳන්න. ඒ නිසා මේ කාලය තුළ අපට අවසන් කරන්න බැරි වුණ සියලු දෙයක්ම නොවැම්බර් 16 න් පස්සේ ඉටු කරනවා. මේ තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. සම්පත. ඒ නිසා ඔවුන්ගේ හැකියාවට රැකියාවක් ලබාදීලා, ඔවුන් තුළින් රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න. අපේ අගමැතිතුමා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්න එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න එකතුවෙන්න.
අපි රටේ ජනතාවට ණයගැතියි. නොවැම්බර් මාසයේ 16 දා ඔබගේ ශක්තිය තුළින් අපට ලබාදෙන විජයග්රහණයෙන් ඒ ණය අපි ගෙවන්න සූදානම් එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාටම එකම පවුලක් ආකාරයෙන් එක්රොක් වෙලා, අත්වැල් බැඳගෙන රට ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇති කරලා දුන්නේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.
රටේ සෑම කොනකම සාමය, සමගිය, එකමුතුභාවය ඇතිකරන්න තමයි අපේ උත්සාහය. එහෙම නැතිව අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වගේ කොළඹට එකක් කියලා, මඩකලපුවට තවත් එකක් කියලා, යාපනයට තවත් එකක් කියන නායකයෝ නෙමෙයි අපි ළඟ ඉන්නේ. එකම නතියක් තුළින් රටේ බලය විමධ්‍යගත කරලා රට ඉදිරියට ගෙනයන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය.
2015 ජනවාරි 08 දා අපේ අහිංසක ජනතාව බියෙන් සැකයෙන් ජීවත් වූ යුගය අවසන් කරන්න අපට වරමක් ලබාදුන්නා. ඒ ජනවරම තුළින් අප රට සීග්‍රයෙන් ඉදිරියට ගෙනිහින් එක් දෙයක් ස්ථාපිත කළා. ඒ තමයි වැටිලා තිබුණ ප්රජාතන්ත්රවාදය. නමුත් වැඩිකලක් යන්නට කළින් ඒ ප්රජාතන්ත්රවාදයට 2018 දී කළු පැල්ලමක් එකතුවුණා. ඒ අවස්ථාවේදිත් අපේ ජනතාව එක්වෙලා නැවතත් අපට විජයග්රහණයක් ලබාදුන්නා
අපට අවශ්‍ය වන්නේ දණගස්සපු ආර්ථිකය නැවත නගා සිටුවන්නයි. ඒ වගේම සියලු ජාතීන් එකම ධජයක් යටතේ එක්රැස් කරලා ඒකීය රටක් වශයෙන් මේ රට සංවර්ධනය කරන්න යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Lakmal Friday, 11 October 2019 05:27 PM
tho hithuwada apita pissu kiyala kamba hora. Hedi gewiya moosalaya
Reply : 0 0
Richmond Saturday, 12 October 2019 05:38 AM
ඔබ විහිළු කරනවද? අපට ඔබලාගේ විහිළු ඇතිවෙලයි ඉන්නේ. ගොටaභය තම මැතිවරණ ප්රකාසනයට ඇතුලත් කලයුතු දෙයක් තිබෙනවා. මෙම ජනපතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකා තමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනතා අනුමැතිය ලබාගන්න. මේ විකුර්ති පාර්ලිමේන්තුව වෙනස්වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතුයි.
Reply : 0 0
Deepal Nirosh Saturday, 12 October 2019 09:20 PM
එක පාරක් කොල්ල කාපු හරිය මදිද? තව පාරක් මහ බැංකුව කොල්ල කන්න ඉල්ලන්නෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

