රටේ උරුමය විනාශ කරන්න ඉඩ දෙන් නෑ
රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.
131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේ දී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම විශේෂත්වයකි.
ජනාධිපති විසින් සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ට ඊට අදාළ සන්නස් පත්‍රය ප්රදානය කරන ලදි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී සිදුවිය.
පරම්පරා හතරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන හා සහතික පත්‍ර ප්රදානය කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

