රටවල් 08ක ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්
ශ්‍රී ලංකාව පුරා පැතිර පවතින කොරෝනා වසංගත තත්වය පාළනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 දින සිට එම මස ජූලි 31 දින දක්වා කාළය තුළ ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා 06/28 දින සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී .
ඇංගෝලා , බොස්ට්වානා , ලෙසතෝ , මොසැම්බික් , නැම්බියා , ස්වාසිලන්තය , සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත් වන අතර , එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ නියැලී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට මෙම නිවේදනය අදාළ වේ.
මෙම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම් වලට ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව තේමිය අබේවික්‍රම මහතා පැවසීය .
එහෙත් මේ වනවිටත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට 06/28 දින සිට 07/01 දින දක්වා සහන කාළයක් , එම ගුවන් මගීන් පත් වෙන අපහසුතාවය සළකා ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
nirodayana Monday, 28 June 2021 08:06 PM
lokayema guvana thotupola valata lankave ayata goda bahnina ida nahalu lokaye kohoma vethath upan ratatavath goda bahinna barilu
Reply : 0 0
janahitha Monday, 28 June 2021 08:08 PM
lankave nama ethana nahane varadimak venta athi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

