රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව විසඳුම් දෙන්නන්
රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින්ට විසඳුම් ඉදිරිපත් කරන්නන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව පැවැසීය.
සුභාශිංසන පණිවුඩය
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන 2022 නව වසර උදා වී තිබේ.
ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතුය.
ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ්‍රී ලංකාව මුහුණ පෑ අභියෝග රැසකි. සමාජ හා ආර්ථික වශයෙන් පැමිණි එම අභියෝග ජය ගැනීම උදෙසා රටක් ලෙස සියලු දෙනා එක්ව ඉටු කරන කැපකිරීම් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.
රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු රටේ දහස් ගණනක් ජීවිත ආරක්ෂා කර දීමට අපට හැකිවිය.
රට හමුවේ මෙවැනි අභියෝගයක් නොමැති කාලයක පවා අතහැර දැමූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අපි පසුගිය කාලය තුළ ජනතා අයිතියට පත් කළෙමු.
වසංගතය හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණළු අඛණ්ඩව රටටම විහිදුවාලීම අපගේ රජයේ අනාගත අපේක්ෂාවයි.
ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජය ගත යුතුය. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරාබේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මකවීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්රහණයෙන් කෙළවර කළ හැකිය.
රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය. ඒ සඳහා ඔබ සියලු දෙනා බලාපොරොත්තුවන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇත.
අපි සියලු දෙනා එක්ව බාධක ජයගෙන ජීවිතය දිනන වසරක් බවට නව වසර පත් කරගමු. ඒ සඳහා ජනතාවට ශක්තියක් වීමට රජයක් ලෙස නිරතුරුව කැපවෙන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.
ශ්‍රී ලාංකික ඔබ සැමට නැවුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා!
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය
popular news
-
Halpe Saturday, 01 January 2022 04:25 AM
When there are leaders who dont listen and corrupted and do their own thing. no one can give solution to problem. look around you, all good people are resigning or making them resign from their positions so that you could continue your dirty work
Reply : 0 0
rocky Saturday, 01 January 2022 08:23 AM
Thirupathi deyyo kiyalaa dunne nadda?
Reply : 0 0
Demuni Uduwara Saturday, 01 January 2022 11:28 PM
Problems shold be solved by rulers not critics!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

