නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස සිසුන් නේවාසිකාගාරවලට කැඳවා හෙට (22) සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි.
එක් නේවාසිකාගාර කාමරයක එක් ශිෂ්‍යා බැගින් සෞඛ්‍යාරක්ෂිතව රඳවා පහසුකම් ලබාදීමට මෙම නිරෝධායන අධ්‍යයන කාලය සූදානම් කර තිබේ.
ඒ අනුව මිහින්තලා පරිශ්‍රයේ ඇති ව්‍යවහාරික විද්‍යා පීඨයේ 3වන හා 4වන වසරවල අවසාන විභාග අද සිට පැවැත්වීමට සිසුන් කැඳවන බව ද උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පැවැසීය. වෛද්‍ය පීඨයේ විභාග මේවන විටත් ආරම්භකර ඇති අතර කෘෂිකර්ම පීඨයේ හා තාක්ෂණ පීඨයේ ද විභාග ද සූදානම් කරමින් පවතී.
සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආහාරපාන නේවාසිකාගාර කාමරයටම සපයන අතර අවශ්‍ය විටක ප්‍රවාහන කටයුතු විශ්වවිද්‍යාලයට අයත් වාහන මගින් සිදුකෙරේ.
නේවාසිකාගාරවල ජීවානුහරණ කටයුතු රජරට විශ්විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ඊයේ (20) සිදුකෙරුණි. නේවාසිකාගාරවල සනීපාරක්ෂාව වෙනුවෙන් එම සංගමයේ නියෝජිත පිරිසක් විසින් සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් හා අත්සෝදන බේසම් ද ලබාදෙනු ලැබී ය.
වෛද්‍ය පීඨයේ කැඳවා ඇති සිසුන්ගේ තත්ත්වය ඉතාම ආරක්ෂිත හා සතුටුදායක මට්ටමක පවතින බවත් හෙට සිට කැඳවන සිසුන් පිළිබඳව දෙමාපියන්ට කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පෙන්වා දෙයි. ‘‘ සිසුන්ගේ කාලය ඉතා වටිනා නිසා අපි මේ ආකාරයට ඔවුන් කැඳවා විභාග ආරම්භ කිරීමට තීරණය කළා. මේ අය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව නේවාසිකාගාරවල රඳවනවා. එක් අයෙකුට එක් කාමරය බැගින් සති දෙකක් සඳහා යෙදවෙනවා. මේක නිරෝධායන අධ්‍යයන කාලයක් වෙනවා. අදාළ උපදෙස් මාලාවක් ද ලබා දෙනවා. මේ වනවිට වෛද්‍ය පීඨයේ සිසුන් කැඳවා සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව සහතිකයි. ඒ වගේම නේවාසිකාගාරවලට කැඳවන මේ පිරිස සඳහාත් අපේම වෛද්යඅංශ වල සහාය ලබාගන්නවා. මෙහි පැමිණීම සිසුන්ගේ ගෙවල් වලට වඩා ආරක්ෂිත ක්‍රමයක් වේවි.‘‘ යැයි උපකුලපති වරයා පැවැසුවේ ය.
රඹෑව-මනුල වික්‍රම
