රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප 23 වනදා
සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා ගෙවිමට අදාල කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු කිරිමට නියමිතයි.

-
Samson de Silva Friday, 20 March 2020 07:54 AM
මෙව්වා තමයි චන්ද ගුණ්ඩු කියන්නේ. අපේ අගමැති මේක සැලසුම් කරලා තිබුනේ කලින්ම. මාර්තුවල 23 පඩි ගෙව්වාම, අප්රෙල්වලත් 23 පඩි ගෙවන්න - ඒ කියන්නේ චන්දෙට දින දෙකකට කලින්. අපේ ගොන් චන්දදායකයෝ මෙව්වට ලේසියෙන් අහුවෙනවානේ. එහෙත් දැන් චන්දය කල්ගිය නිසා එම සැලසුමට කෙලවුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

